17/12/2025
අවුරුදු 21 ට ආසිරි ගත්ත තීරණය නිසා එයාගෙම ඇස්දෙකත් දන් දීල තනියමම යන්න ගිහින්..😒 ඇහැළියගොඩ කොල්ලෙක්.. 🥺
" ඔයා ආසාවෙන් ගහලා මට පෙන්නන ෆොටෝ වලට නිවන් සුව කියලා දාලා හැමතැනින්ම පෙන්න ගන්නකොට ඉවසන්න අමාරුයි රත්තරන්..කවදාවත් කඩේකට ගිහින් බඩු තෝරන්න දන්නැති ඔයා එදා ගෙදරට බඩු අරන් ආවලු..ඔයාගෙන් කවදාවත් එහෙම දේවල් ගෙන්නගෙන නැති ඒක දැකපු අම්මත් ඇයි මේ කවදාවත් නැතුව කියලා ෆොටෝ එකකුත් ගහගෙනලු..අනේ මං ගෙදර එනකොට තාත්තා කියනවා හිනා වෙවී..මාත් හරි සතුටු උනා මල්ලි ඔයාට දැන් ඒවා තේරෙනවා ඇති කියලා..ඒත් ඒ සතුට ලොකු වෙලාවක් තිබ්බෙ නෑ.."අම්මා..චූටි පුතා ආවා" කිව්වලු..බඩු ටිකත් තියලා.. "මං අම්මා ආසම කෑමක් ගෙනාවා" කියලා අම්මගෙ අතට චොක්ලට් කේක් ටික දුන්නා මල්ලි ඔයා..අම්මා හිනා වෙවි මටත් ඒ ටික පෙන්නුවා..ඔයා ඉස්සරහ අපි කේක් කෑවා..ආච්චි අම්මලාට අක්කලාටත් ගිහින් දෙන්න අම්මෙ කිව්වා..ඔයා මට කලින් දවසක් මං එහේ යනවා අඩුයි එහෙම ඉන්නෙපා කියපු නිසාම මටත් හිතුනා නිකමට අද මාත් යනවා අම්මයි තාත්තයි එක්ක කියලා..චූටි පුතා එනවද යන්න ඇහුවම අද බෑ අම්මෙ කිව්වා නේද ඔයා..ඉතින් අපි ගියා..ගිහින් 7.25 ට විතර ගෙදර තිබුනු Id එකේ ෆොටෝ එකක් එවන්න කිව්වම ඒකත් ඔයා දැම්මනෙ..විනාඩි දහයක් ඇතුළත අපි ගෙදර එද්දි ඔයා ඔක්කොම කරගෙන ඉවරයි මල්ලි..එනකොට වමනෙ දානෙ සද්දෙ ඇහිලා අපි දිව්වේ කවදාවත් මොකුත් බොන්නෙ නැති ඔයා ආසාවට හරි බීලා, හුරු නැති නිසා වමනෙ දානවා කියලා..ඒත් නෑ..බිම වැටිලා උබ පණ අදිද්දී දැක්කේ එතන තිබ්බ කෝප්පේ..😔 ඔලුව උස්සගන්න ඇස් දෙක ඇරගන්න පුලුවන් කමක් නොතිබ්බත් තාත්තා මොනවද පුතේ බිව්වෙ ඇහුවම ඔයා කතා කළා.."මං ලියෝ බිව්වා තාත්තේ මං ඔයාලට ගොඩක් ආදරෙයි තාත්තේ" කියලා ඔයාගෙ ඔලුව ආයෙ කඩන් වැටුනා..කෑ ගහලා අපි උස්සන් යද්දි " මට මැරෙන්න දෙන්න තාත්තේ " කිව්වා..සත්තයි එවලේ ඔයා ඒ කියපු වචන ටික පිටවෙද්දි මං දැක්කා ඒ මූණ..ඔයා ඒ පණ ඇදපු සද්දේ මට අදටත් ඇහෙනවා රත්තරන්..මං හිතුවෙ නෑ ඔයාට මෙහෙම දෙයක් කරගන්න පුලුවන් කමක් තිබ්බා කියලා..අනේ එහෙම දෙයක් බිව්වට මුකුත් වෙන එකක් නෑ ඔයාව පහුවදාට එක්කන් එනවා කියලා ගියත් හොස්පිටල් එකට යනකල් අපි හරි බයෙන් ඔයාගේ මූණ දිහා බලන් ගියේ අම්මා ගමටම ඇහෙන්න කෑ ගහද්දී..ඔයා ඔය ටික අතට ගන්න කලින් මතක් උනේ නැද්ද අම්මා ගැනවත්.. අපි අම්මට ඉස්සර ඉදන් දරාගන්න බැරි දේවල් කිව්වෙ නෑ ලෙඩ වෙයි කියලා..හිතුන් නැද්ද රත්තරන් අපි තුන් දෙනා ගැන..ඔයා පැකට් තුනක්ම බීලලූ..ඔයාට ටිකක් අමාරුයිලු..පණ ගැහි ගැහී අපි ඉදගෙන බලන් හිටියා මල්ලි..දන්නවද මුලු ගමම හොස්පිට්ල් එකෙ..ඔයා සිහියෙන් හිටියනම් සතුටු වෙයි මගෙ මල්ලි..අම්මව කන්ට්රෝල් කරන්න අපි කාටත් අමාරු උනා මල්ලි..තාත්තට විතරක් ටිකකින් ඇතුලට එන්න කිව්වා..එයා අඩාගෙන ගිහින් පැත්තකින් ඉදගත්තම අම්ම ඇයි අහද්දි නෑ පුතාව රත්නපුර යවනවලු කියලා අම්මට කිව්වා..ඒත් රත්තරන් ඔයා අපිව දාලා යන්නම ගිහින් කියලයි තාත්තට කියලා තිබ්බේ..මොකක්ද උනේ මොකක්ද කරන්නෙ කියලවත් හිතාගන්න බැරි උනා..අම්මට නොකියා ඉන්න කියලා අපි හිතන් හිටියත් ඒ දෙන්නම ඇඩුවා සිහියක් නැතුව ඇඩුවා..එතකොට ම අක්කා නේද කියලා නර්ස් මාව එක්කන් ගියේ ඔයා මල්ලිව භාර ගන්න පුතේ කියලා..හිත ඇතුලෙන් කෑ ගහලා දුක පිට කරගන්න ඕනි උනත් මං ඇස් දෙකේ කදුලු පුරවන් උබව බලන්න දොර ඇරියේ අනේ ඒක හීනයක් වෙන්නැති කියලා මං දකින..ඒත් ඒ හැමෝම හිත හදාගන්න පුතේ අම්මව බලාගන්න කියද්දී ඇදට වෙලා ඇස් දෙකත් ඇරගෙන ඔයා බලන් හිටියා..ඒත් ඔයාට පණ නෑ කියලා මතක් වෙද්දී හිතට ආපු දේවල් වචන කරන්න මේ දුක පිට කරගන්න මං දන්නෑ..ඔයාගේ සීතල අතක් අල්ලන් මං ඔයා දිහා බලන් හිටියා..අනේ මට මගෙ කොල්ල ව බේරගන්න බැරි උනානෙ කියන හැගීම මං මැරෙනකල් මට තියෙයි..ඒත් ඔයාට එච්චරටම තිබ්බ ප්රශ්නෙ මොකක්ද කියන්න අපි කවුරුත් දැනන් හිටියෙ නෑ..මගෙ අහිංසකයා හිනා වෙලා අපි එක්ක හිටියට ඉදලා තියෙන්නෙ ප්රශ්නෙක කියලා අපි දැනන් හිටියෙ නෑ..හැබැයි මං අදටත් කියන්නෙ ඔයාට එකම එක පාරක් අපි තුන් දෙනාව මතක් වෙන්න තිබ්බා...ඔයා මාව දාලා ගියේ මට කවදාවත් මේකෙන් ගොඩ එන්න බැරි විදියට මගෙ මල්ලි..පහුවදාට ඔයාව එක්කන් ගෙදර එන්න බලන් ඉදපු අක්කට ම "මිය ගිය බව දැන ගතිමි" කියලා කොළයක ලියලා ඔයාව භාර ගන්න තරම් මං පව් කාර උනා..මගෙ කොල්ලව ගෙදර එක්කන් එන්න බලන් හිටපු මට ඔයාගෙ අතේ තිබ්බ බෑන්ඩ් එක විතරක් අතේ ගුලි කරන් එතනින් එන්න උනා..😔💔"
උපුටාගැනීම - Kaumini Prarthana
( ගෙදරට කියාගන්න බැරි යාළුවෙකුට කියාගන්න බැරි ප්රශ්නයක ඔයත් ඉන්නවනම් මේ නම්බර් එකට කතාකරල කියන්න ☎️ 1926 )