11/10/2021
පාස්කු සිදුවීමෙන් පස්සේ ආයෙත් මිනිස්සු තැති ගත්තා. ඒ ඒ බෝම්බ වලට ඒ ඒ රෝස මල් නේ; කියා ගත්තු මිනිස්සු රාජ පස්සවරුන්ටම පු ක දුන්නා. ඔය වෙනකොට කිරිබත් සද්දෙට රතිඤ්ඤා සමරන්නවත් මඟතොටේ ඉඩ තිබුනේ නෑ. මොකද හැම තැනකම කොරෝනා හිටියා. කැස්සට කොස් ඇට - ඇම්මට වම්බටු කියාපු එවුන් කැස්සයි ආදරෙයි පෙනහළුවල හංගන් ඊට උඩින් චීන මූණු බැඳගත්තා. ඒ කාලේ යං වීදියටත් ඇඳිරි නීතිය - සංචරණ සීමා - ලොක්ඩවුන් - ඔය කැමති නමක් කියා ගන්න පුලුවන්...
මිනිස්සු සූ ගාගෙන ගෙට වෙද්දි පාරට පැනලා රස්සා කරපු අපේ උකුසු හොටවල් බිම ඇණුනා. හෙට වෙද්දි රට අරියි - අරියි කියමින් හිතපු රට; හොට පටලන් ඇවිත් ආයෙ ආයෙත් අපිටම ඇරියා. දැන් ඉතින් කෝකටත් අල ලාබයි - ගෝවා හැටයි...
කොරෝනාවෙන් පස්සේ අකුලාපු වීදි ආයිත්තම් පාරක් තොටක් නොදැක අවුරුදු වලින් ගෙවුණා. දැන් ආයෙත් රට ඇරලා. පාරවල් වල මිනිස්සු පිරිලා. ඒත් වීදියේ මොහොතකට හෝ නවතින්න මිනිසුන් සූදානම් නැහැ. කොරෝනාවෙන්, බඩගින්නෙත්, හිඟ වාරිකවලින් මිනිස්සු තැලිළා - සමහරුන්ට ඇඬිලා - ඩොලර් ගෙනෙන්න කාර්යබහුල කරවලා...
කඩිපුග්ගායෙන් පෙළෙන මිනිසුන් ඉඩ පාඩු ඇති තැන් වල නවතා ගත යුතුය. අරගලයට වුවද සැණකෙළි සිරි දිය යුතුය. තව තවත් පුක දෙනවාද - වෙඩි කනවාද යන්න නුවණින් ගෙන සිහියෙන් විමසිය යුතුය...
මේ; ඩිජිටල් වීදියේ පෙරහුරු සැසියයි. වීදි නාට්ය කලාවේ ආකෘතිමය වෙනසක් සමඟින් නම නොකියන අයියලා වෙනුවෙන් උත්තමාචාර වෙඩි මුර නව වාරයකට අප සූදානම්..! මයි නේම් ඊය් රෝයල් ඈස් - අපි සති දෙකකින් හැඩ බලමු...
#මයිනේම්ඊස්රෝයල්ඈස්