27/12/2025
දශක ගණනාවක් හෙළ ගී අඹර සුමිහිරි ගීතයෙන් පෝෂණය කළ ගීත කෝකිලාවිය
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (15) අභාවප්රාප්ත විය.
මියයන විය ඇය 91 වන වියේ පසුවුණා.
වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.
හිම රේණු වැටෙනා, අම්මලා දුක් ගන්නේ, රොන් සොයා පියඹන සමනලියක සේ, හීන හතක් මැද, සැළලිහිණි කොවුල් හඩ, පෙරදිග මුතු ඇටයයි, ගලනා සීත ජලේ, දේදුන්නෙන් එන සමලුනේ, පොකුරු පොකුරු, ලෝ අඩ නින්දේ වැනි ගීත දස දහසකට අධික ප්රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වනවා.
සිනමාවේ සදාකාලික ‘ගී රාජිණිය’ ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා තිබෙනවා.
1953 වසරේ දී එදා රෑ චිත්රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගෙවුණු දසක කිහිපය තුළ චිත්රපටි 600කට අධික ප්රමාණයකට තම හඬ දායකත්වය දක්වා තිබෙනවා.
ඇය දීපශිකා, ස්වර්ණ හංස, සරසවිය ඇතුළු සිනමා උළෙල රැසකදීම සම්මානයට පාත්ර වූ අතර, 2005 වසරේදී ශ්රී ලංකා රජය මගින් පිරිනමන කලා සූරී සම්මානයෙන්ද, 2017 වසරේදී දේශමාන්ය සම්මානයෙන් මෙන්ම ඇය මිය යන මොහොත දක්වාම විවිධ සම්මානවලින් පිදුම් ලැබුවා.
ඇය පිළිබඳ ප්රධාන තොරතුරු කිහිපයක් පහත දැක්වේ.
1934 නොවැම්බර් 11 වන දින රීටා ජෙනවිව් ප්රනාන්දු ලෙස උපත ලැබුවාය.
1933 නොවැම්බර් 11 වන දින බම්බලයේ ජෝසප් ලින්ස් ප්රනාන්දු හා මාතර එලිසබෙත් මියුරියෙල්ට බම්බලපිටිට මහ රෝහලේදී තෙවන දරුවා වූ රීට ජෙනවිට් ප්රනාන්දු ලැබිණ. ඇයට විනිෆිඩා නම් වැඩිමහලු සොයුරියක්ද, ගොඩිෆ්රි නම් වැඩිමහලු සොයුරෙක්ද වූහ. ඇගේ මව විවාහයට පෙර කන්යරාමයක ගුරුවරියක් ලෙස හා ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසද කටයුතු කළ අයෙක් වූවාය.
ඔවුන් ගල්කිස්ස පීරිස් මාවතේ පදිංචියට ආ ගමන ඇගේ පසුකාලීන කලා ජීවිතයට මහත් පිටුවහලක් වූයේ, වින්සන්ද අල්විස්, සුසිල් ප්රේමරත්න, සී.ටී. ප්රනාන්දු, ඩී. ජී. වික්රමසිංහ වැනි ප්රවීන කලාකරුවන් අසල්වාසීන් වීම නිසාය.
රීටා, ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්යාරාමයේ අධ්යාපනය ලබන සමයේ පටන්ම ගායනයට, නැටුමට, රංගනයට දැඩි ආශාවක් දැක්වූවාය. පියාගේ පියානෝ එකෝඩියනයන්, වයලීනයත්, ග්රැමෆෝනයත් ඇගේ ඉදිරි ගමනට රුකුලක් විය.
වයස දහයේදී පමණ රීටා පල්ලියේ ගීතිකා කණ්ඩායමට තෝරාගැනිනි. පසුව ඇය එහි නායිකාව ලෙස තේරී පත් වූවාය. පාසලේ සෑම නාට්යයකටම ඇය ගායනයෙන්, රංගනයෙන් හෝ නර්තනයෙන් දායක වූවාය. එක් නාට්යයක හිඟන්නෙකුගේ චරිතය රඟමින් “තිලෝගුරු නාමයෙන්“ යන ගීතය ගයමින් කළ රංගනය කෙතරම් ප්රේක්ෂක සිත් ගත්තේද කියතොත්, වේදිකාවට විශාල වශයෙන් කාසි වැටෙන්න විය. වරෙක ඇය එක් රැයකින් සරස්වතී නැටුමක් පුහුණු වී ඉදිරිපත් කළාය.
ඩබ්.ඩී. අමරදේව(එදා ඇල්බට් පෙරේරා) සංගීතවත් කළ නිර්මාණයකට ඇය ඉදිරිපත් කළ හංස නැටුම ඇය ලද විශේෂ භාග්යයක් සේ ඇය සලකයි. සී.එල්. ෆොන්සේකා මහතාගේ ගුවන් විදුලි ගීත නාට්යයක සමූහ ගායනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇයට ලැබිණි. එයට පියාගේ සහ පාසලේ ප්රධාන කන්යාතුමියගේ දැඩි විරෝධතා එල්ල විය. එවිට මර්සලීන් ජයකොඩි පියතුමා සහ පී. එල්.ඒ. සෝමපාල සමඟ බිෂොප්තුමා වෙත ගිය මව සහ රීටා අවසරය ලබාගත්හ.
වින්සන්ද අල්විස්ගේ සරල ගී වැඩසටහනක ඔහුත් සමඟ “කඳුළු දෙනෙතින් වෑහෙන“ ගීතය ගැයූ ලතාට පසුව අර්වින් ෆොන්සේකාගේ සරල ගී වැඩසටහන්වලට දායක වීමට අවස්ථාව ලැබිණ. එහිදී ගැයූ “නමෝ මරියනි“ ගීතය පසුව කොලොම්බියා තැටියකට නැඟිණ
සංගීත ක්ෂේත්රයට පිවිසීම වයස අවුරුදු 12 දී ගුවන් විදුලියෙන් සිය සංගීත ජීවිතය ආරම්භ කළ ඇය, 1952 දී 'එදා රෑ' චිත්රපටයෙන් පසුබිම් ගායනයට පිවිසියාය.
සම්මාන: හොඳම පසුබිම් ගායිකාව සඳහා වන සරසවිය සම්මානය වැඩිම වාර ගණනක් (සමහර වාර්තා අනුව 20කට අධික වාර ගණනක්) දිනා ඇත්තේ ඇයයි
විශේෂත්වය: වසර 70කට වැඩි කාලයක් ක්ෂේත්රයේ රැඳී සිටිමින් චිත්රපට 600කට අධික සංඛ්යාවකට පසුබිම් ගායනයෙන් දායක වී ඇත
ඇය ප්රවීණ ගායක ධර්මදාස වල්පොළ මහතා සමඟ විවාහ වූවාය.
ලතා - ධර්මදාස පෙම් පුවත ඇරඹෙන්නේ “ප්රේම තරඟය“ චිත්රපටයත් සමගිනි. 1957 දී විවාහ දිවියට ඇතුළත් වූ මොවුන් දෙපළට සුනෙත්, අමිත්, ධම්මිකා, චමින්ද යනුවෙන් දරුවන් සිව් දෙනෙකි.
හරි හරි“ නම් ගීතය, ඇගේ ප්රථම ගීතයයි.(“එදා රෑ චිත්රපටය“) - සංගීතය - මොහොමඩ් ගවුස් සහාය ගායනය - හර්බි සෙනෙවිරත්න
මුත්තුසාමි ප්රථම වරට සංගීතය අධ්යක්ෂය කළ, එස්. එම්. නායගම් නිෂ්පාදනය කළ “ප්රේම තරඟය“ චිත්රපටයට ලතාට ගීත ගැයීමට ආරාධනා කළහ.(ඇය ප්රේම තරඟය චිත්රපටයට “හෝ හඬදී බැස යන ගංගා“ “උගත්තු-වියත්තු“,“සෑම මලින්“, “හොඳ හොඳම වේය ලොව“ වැනි මිහිරි ගීත රැසක් ගැයුවාය.)
මුල්ම සම්මානය “හීන හතක් මැද“ ගීතය - “ගැටවරයෝ“ චිත්රපටය
තවද, සරසවි සම්මාන 05 ක්
ජනාධිපති සම්මාන 02 ක්
දීපශිඛා සම්මානය
රණතිසර සම්මානය
“කලාශූරි සම්මානය“
“වීර විදහන රන්සිළු සම්මානය“ දිනා ගත්තීය.
ගායන දිවියේ ස්වර්ණ ජයන්තිය - “ලතා රන්රස ප්රණාම“ 1998
පනස් වසරක් තුළ සිංහල සිනමාවට කළ සේවය වෙනුවෙන් “රන්සිළු සම්මානයෙන්ද“ ඇය පුද ලැබුවාය.
ඔබතුමියට මොක්සුව ප්රාර්ථනා කරමු..🙏🙏🙏